පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද
උණුසුම් පුවත් විශේෂාංග පුවත්- Est 0 min
- 0 Views
- 6 days ago
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
උණුසුම් පුවත් ක්‍රීඩා පුවත් විශේෂාංග පුවත් වෙනත් පුවත්- Est 1 min
- 0 Views
- 6 days ago
බංග්ලාදේශයේ ලෝක කුසලාන ගමන වැට උඩ
උණුසුම් පුවත් ක්‍රීඩා පුවත් විශේෂාංග පුවත් වෙනත් පුවත්- Est 1 min
- 0 Views
- 1 month ago
ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය
උණුසුම් පුවත් විශේෂාංග පුවත් වෙනත් පුවත්- Est 1 min
- 1 Views
- 1 month ago
පීඩන අවපාතය අද සවස් කාලයේදී ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කරයි
උණුසුම් පුවත් විශේෂාංග පුවත්- Est 1 min
- 0 Views
- 1 month ago
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම්වලින් රු.මිලියන 285කට වැඩි දඩ
උණුසුම් පුවත් විශේෂාංග පුවත් වෙනත් පුවත් ව්‍යාපාරික පුවත්- Est 1 min
- 0 Views
- 2 months ago
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කෙරේ
උණුසුම් පුවත් විශේෂාංග පුවත් වෙනත් පුවත් ව්‍යාපාරික පුවත්- Est 0 min
- 0 Views
- 2 months ago
එවරස්ට් කන්දට අපද්‍රව්‍ය බැහැරකිරීම
උණුසුම් පුවත් විශේෂාංග පුවත් වෙනත් පුවත්- Est 1 min
- 0 Views
- 2 months ago
Top 10 News
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් – තැනින් තැන මි.මී 75ට වැඩි වැසි
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද
බංග්ලාදේශයේ ලෝක කුසලාන ගමන වැට උඩ
ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය
පීඩන අවපාතය අද සවස් කාලයේදී ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කරයි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම්වලින් රු.මිලියන 285කට වැඩි දඩ
ක්‍රීඩා පුවත්
අද
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
උණුසුම් පුවත් ක්‍රීඩා පුවත් විශේෂාංග පුවත් වෙනත් පුවත්- Est 1 min
- 0 Views
- 6 days ago
බංග්ලාදේශයේ ලෝක කුසලාන ගමන වැට උඩ
උණුසුම් පුවත් ක්‍රීඩා පුවත් විශේෂාංග පුවත් වෙනත් පුවත්- Est 1 min
- 0 Views
- 1 month ago
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු දිවි ගමනට සමුදෙයි
උණුසුම් පුවත් ක්‍රීඩා පුවත්- Est 1 min
- 0 Views
- 2 months ago
ක්‍රිකට් පිටියේ රිදී සීනුව නිහඬ වී අදට වසර 13යි
උණුසුම් පුවත් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් විශේෂාංග පුවත්- Est 0 min
- 0 Views
- 2 months ago
මන්දනාගේ රාජකීය විවාහය අහෝසියි ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට සූදානම්
උණුසුම් පුවත් ක්‍රීඩා පුවත් විශේෂාංග පුවත්- Est 0 min
- 0 Views
- 2 months ago
නවතම පුවත්
අද
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් – තැනින් තැන මි.මී 75ට වැඩි වැසි
අද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවල ප.ව 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි ඇති වේ.
උතුරුමැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (17) පැවැත්වීමට නියමිතව තිබේ.
අද පෙරවරු 11.30 සිට පස්වරු 5 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
පෙබරවාරි මාසයේ දෙවන පාර්ලිමේන්තු සතිය අද සිට ලබන 20 වන දින දක්වා රැස්වීමට නියමිතව තිබේ.
අද දිනයේ පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව කථානයක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර පෙරවරු 11.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේය.
සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ
2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර ඉන් 382,249දෙනෙකු පාසල් අයදුම්කරුවන් වේ.
පෞද්ගලික අයදුම්කරුවන් 69,214 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිතය.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3545ක දී විභාගය පැවැත්වීමට නියමිත අතර විභාග කටයුතු සදහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසය.
පසුගිය වසරට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්ම පස්වන, හයවන, හත්වන සහ අටවන දිනයන් හි වෙනස් කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙස ද ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
අද උදෑසන 8.30ට විභාග ආරම්භ වීමට නියමිත අතර විභාග ආරම්භයට පැයකට පෙර විභාග අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යා යුතු වේ.
සවස් වරුවේ විභාගය පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත අතර විභාග අපේක්ෂකයින් දහවල් 12.30 වන විට විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
මේ අතර විභාග මධ්‍යස්ථානවලට ජංගම දුරකථන, bluetooth, ස්මාට් වොච්, සටහන්, හෝ ලේඛන කිසිවක් රැගෙන යාම තහනම් වන බවද පැවසු ඉන්දිකා කුමාරි මහත්මිය සෑම අපේක්ෂකයෙකුම සිය අනන්‍යතා පත්‍රය විභාග අවසන්වන තුරු රැගෙන යා යුතු බවද අවධාරණය කළාය.
ඒ සඳහා පාසල් අපේක්ෂකයින්ට ජාතික හැදුනුම්පත, රියදුරු ගමන්පත්‍රය හෝ විදෙස් ගමන් බලපත්‍රය භාවිත කළ හැකි අතර, පෞද්ගලික අපේක්ෂකයින්ට අවශ්‍ය නම් ජායාරූප දෙකක් ග්‍රාමනිලධාරීවරයා විසින් ලවා සහතික කරගත් තාවකාලික හැඳුනුම්පතක් භාවිත කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම්දෙයි.
එමෙන්ම සියලු විභාග අපේක්ෂකයින් පිළිතුරු සැපයීමට පළමුව හොඳින් ප්‍රශ්නපත්‍රයේ උපදෙස් කියවා සියලු කොටස් තමා වෙත ලැබී ඇත්දැයි බැලිය යුතු බවද සඳහන් කර සිටි විභාග කොමසාරිස් ජනරාල්වරිය කාලය මැනවින් කළමනාකරණය කර නිවැරදිව විභාග අංකය සඳහන් කර විභාගයට පිළිතුරු සපයන ලෙසද අපේක්ෂකයින්ට දැනුම් දුන්නාය.
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩාම පරාජය කර කඩුලු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 182ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තරගයේ 18 වන පන්දු වාරයේ දී පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකි විය.
එහිදී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අතිවිශිෂ්ඨ ශතකයක් වාර්තා කළේය.
පන්දු 52කදී ගොඩ නැගූ ඔහුගේ ශතක ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 10ක් ඇතුළත් විය.
ඔහුට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 38කින් ලකුණු 51ක්ද පවන් රත්නායක පන්දු 15කින් නොදැවී ලකුණු 28ක්ද රැස් කළේය.
මෙම ජයග්‍රහණයත් සමග B කාණ්ඩයෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුසුදුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
එමෙන්ම ඔස්ට්‍රේලියාව ලැබු පරාජයත් සමඟ තරගාවලියේ ඔවුන්ගේ ඉදිරිගමන අවධානමකට ලක් විය.
බංග්ලාදේශයේ ලෝක කුසලාන ගමන වැට උඩ
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට නොහැකි බව පවසමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) කළ ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.
ICCයේ අවසන් තීරණය ඊයේ (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ (BCB) සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් පවසා ඇත්තේ, සිය ලිපියට ICCය මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නිකුත් කර නොමැති බවය.
තමන් ලෝක කුසලාන තරග ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට අකමැති හේතු පැහැදිලිව සඳහන්කර ඇති බවත්, ඒ හේතුවෙන් ඉන්දියාවේ තරග ක්‍රීඩා නොකරන බවට වන සිය ස්ථාවරයේ ද වෙනසක් නොමැති බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පෙළඹවීම මත එළැඹෙන IPL තරගාවලියෙන් මුස්තාෆිසුර් රහ්මාන් ඉවත්කිරීමට ගත් තීරණය හේතුවෙන් ආරක්ෂක ගැටළු මුල්කර ගනිමින් බංග්ලාදේශය, ඉන්දියාවේ තරග ක්‍රීඩාකිරීමට මේ වනවිට අකමැත්ත ප්‍රකාශකර තිබේ.
ඔවුන් ICCයෙන් ඉල්ලා ඇත්තේ පෙබරවාරි 7 වනදා ආරම්භවීමට නියමිත මෙම තරගාවලියේ තමන් ඉන්දියාවේ ක්‍රීඩාකිරීමට නියමිත තරග ශ්‍රී ලංකාවට රැගෙන යන ලෙසය.
ලිටන් කුමාර් දාස්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී ‘C’ කාණ්ඩයෙන් ක්‍රීඩාකිරීමට නියමිතය.
එහිදී ඔවුන් එංගලන්තය, බ.ඉ. කොදෙව්, ඉතාලිය සහ නේපාලය සමග ක්‍රීඩාකරන අතර, එම සියලුම තරග ඉන්දියාවේ දී පමණක් පැවැත්වේ.
ඉන් තරග 3ක් කොල්කටාහිදීද, එක් තරගයක් මුම්බායිහිදීද පැවැත්වේ.
ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය
උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් හෙට(12) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම සෙසු ප්‍රදේශවල ප.ව 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන්.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
මේ අතර කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර සිට ඊසාන දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ වේ.
හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 45ක් දක්වා ඉහළ යා හැකියි.
එමෙන්ම හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකියි.
පීඩන අවපාතය අද සවස් කාලයේදී ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කරයි
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර මහනුවර, නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. (50-75) ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (70) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම්වලින් රු.මිලියන 285කට වැඩි දඩ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 285කට වැඩි දඩ මුදලක් අය කරගෙන තිබේ.
2025 වසරේ දිවයින පුරා සිදුකළ වැටලීම් 21,000ක ප්‍රමානයක් සඳහා නඩු පවරා මෙම දඩ මුදල් අය කරගෙන ඇති බව පැවසෙයි.
භාණ්ඩවල නියමිත ප්රමිතීන් සහතික කිරීම සඳහා ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන සාම්පල 223ක් පරීක්ෂා කිරීමට අධිකාරිය කටයුතු කර තිබේ.
වානේ කම්බි, පොල්තෙල්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සහල්, ටින් මාළු, මිරිස් කුඩු, දියර කිරි, හිසකෙස් වර්ණක, කෝඩියල් සහ සිරප් වර්ග ඒ අතර වන බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
1977 පාරිභෝගික පැමිණිලි සේවා අංකය සඳහා පසුගිය වසර තුළ පැමිණිලි 5002ක් ලැබී ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.
ඉන් සියයට 79කට ආසන්න ප්‍රමානයක් විසදා ඇති බවද පෙන්වා දෙයි.
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කෙරේ
ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 4,250ක් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,710ක් වී ඇත.
එවරස්ට් කන්දට අපද්‍රව්‍ය බැහැරකිරීම
එවරස්ට් කන්දට අපද්‍රව්‍ය බැහැරකිරීම නරත කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මකව පවතින ක්‍රමවේදය සාර්ථක නොවන බව නේපාල බලධාරීන් පවසයි.
එවරස්ට් කන්ද තරණය කිරීමට පැමිණෙන කෙනෙකු කන්ද තරණයට ප්‍රථම ඩොලර් 4,000 ක (£2964) තැන්පතුවක් ගෙවිය යුතු වේ.
ඔවුන් රැගෙන යන ගමන් මළු සහ ද්‍රව්‍ය වලින් අවම වශයෙන් කිලෝග්‍රෑම් 8 ක් (රාත්තල් 18) ක අපද්‍රව්‍ය නැවතත් රැගෙන එන්නේ නම් පමණක් එම තැන්පතු මුදල ආපසු ලැබෙනු ඇති.
ඇස්තමේතුගත ගණනය කිරීම් අනුව මේ වන විට එවරස්ට් කඳු මුඳුනේ ටොන් 50 ක පමණ අපද්‍රව්‍ය වැලලි ඇති බැවින් එය වැලැක්වීම සඳහා ඉහත ක්‍රමවේදය යෝජනා කර තිබුණි.
නමුත් වසර 11 කට පසුව සහ තවමත් කසළ ගොඩගැසී ඇති බැවින් මෙම යෝජනා ක්‍රමය නිසි ප්‍රතිඵලයක් පෙන්වීමට අපොහොසත් ව ඇති බවත් එබැවින් ඉහත ක්‍රමවේදය අත්හිටුවා ඇති බව සඳහන් වේ.
එමෙන්ම මෙම තැන්පත් මුදල් ක්‍රමය පරිපාලනයට බරක් බවට පත්ව ඇති බවද පැවසේ.
එරට සංචාරක අමාත්‍යාංශයේ සහ කඳු නැගීමේ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා ඇත්තේ වසර ගණනාවක් පුරා තැන්පතු මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ආපසු ගෙවා ඇති බවය.
එයින් අදහස් කරන්නේ බොහෝ කඳු නගින්නන් තම කුණු නැවත රැගෙනවිත් ඇති බවය.
නමුත් ඉහත තැන්පත් යෝජනා ක්‍රමය අසාර්ථක වී ඇති බව කියනු ලබන්නේ කඳු නගින්නන් ආපසු ගෙනැවිත් ඇත්තේ එවරස්ට් කන්දේ පහළ ප්‍රදේශයේ කඳු නගින්නන් හේතුවෙනි.
එවරස්ට් කන්දේ ඉහළ ප්‍රදේශයේ කඳවුරුව සාදා ගන්නා කදු නගින්නන් නැවත රැගෙන විත් ඇත්තේ ඔක්සිජන් බෝතල් පමණක් බව වාර්තා වේ.
ආපසු ගෙන ඒමට නැඹුරු වෙති,” එවරස්ට් මුරපොලක් පවත්වාගෙන යන සාගර්මාතා දූෂණ පාලන කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙරිං ෂර්පා පැවසීය.
කූඩාරම් සහ කෑන් සහ ඇසුරුම් කළ ආහාර පාන පෙට්ටි වැනි වෙනත් දේවල් බොහෝ දුරට දමා ගොස් ඇති බැවින් මෙතරම් අපද්‍රව්‍ය ගොඩගැසී ඇති බව පවසයි.
සාමාන්‍යයෙන් කඳු නගින්නෙකු කන්ද මත දී කිලෝග්‍රෑම් 12 (රාත්තල් 26) දක්වා අපද්‍රව්‍ය නිපදවන බව සඳහන් වේ.
එහිදී ඔවුන් හුරුපුරුදු වීම සහ කඳු නැගීම සඳහා සති හයක් දක්වා ගත කරයි.
කඳු නගින්නන්ට නිපදවන ප්‍රමාණයට වඩා අඩු අපද්‍රව්‍ය ආපසු ගෙන ඒමට අවශ්‍ය වූ “දෝෂ සහිත රීතිය” හැරුණු විට, එවරස්ට් කලාපයේ බලධාරීන් පැවසුවේ අධීක්ෂණය නොමැතිකම ප්‍රධාන අභියෝගය වී ඇති බවය.
කුම්බු අයිස් ඇල්ලට ඉහළින් ඇති මුරපොල හැරුණු විට, කඳු නගින්නන් කරන්නේ කුමක්ද යන්න නිරීක්ෂණය කිරීමක් නොමැති සඳහන් වේ.
වෙනස් කරන ලද රීතිය යටතේ, නිලධාරීන් පැවසුවේ, කඳු නගින්නන්ගෙන් ආපසු ගෙවිය නොහැකි පිරිසිදු කිරීමේ ගාස්තුවක් සහ මුරපොලක් පිහිටුවීමට සහ කඳු නගින්නන් තම කුණු කසළ ඉවත් කරන බව සහතික කිරීම සඳහා කන්දේ ඉහළ කොටස් වෙතට ද කඳු පාලකයන් යොදවන ලබයි.
බොහෝ විට කඳු නගින්නෙකුට ඩොලර් 4,000 ක – තැන්පතු මුදලට සමාන මුදල සහ පාර්ලිමේන්තුව විසින් සම්මත වූ පසු බලාත්මක වනු ඇත.
ආපසු නොගෙවන ගාස්තුව මෑතකදී හඳුන්වා දුන්නේ, පස් අවුරුදු කඳු පිරිසිදු කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක කොටසක් වශයෙන් බව සඳහන් වේ.
එවරස්ට් හි අපද්‍රව්‍ය ප්‍රමාණනය කිරීම පිළිබඳ අධ්‍යයනයක් සිදු කර නොමැති වුවද, හිම උෂ්ණත්වය හේතුවෙන් කන්දේ ඉහළ කොටසේ දිරාපත් නොවන මිනිස් අසූචි ඇතුළුව ටොන් ගණනක් ඇති බවට ගණන් බලා ඇත.
සෑම වසරකම කඳු නගින්නන්ගේ සංඛ්‍යාව සාමාන්‍යයෙන් 400 ක් පමණ වන අතර, තවත් බොහෝ සහායක කාර්ය මණ්ඩලයක් කඳු නැගීමට කටයුතු කරයි.

