අමෙරිකාවෙන් බිහි වූ දිරිගැන්වීමේ කලාවට වසර 127යි

ක්‍රීඩා තරගයක් ආරම්භ වූ පසු එහි අවසානය දක්වාම තරගකාරිත්වය හා ජීවගුණය එකසේ රඳා පවත්වා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් උනන්දු වීම සාමාන්‍ය සිරිතය. එහෙත් තරගයක් පැවැත්වෙද්දී ඊට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව; නරඹන්නන්ද අවසානය දක්වාම අවදියෙන් හා උද්යෝගයෙන් තබාගැනීමට උපකාරි වන්නේ දිරිගන්වන්නන්ය. වර්තමානයේදී එවැනි දිරිගන්වන්නෝ ‘cheerleaders’ නමින් හඳුන්වනු ලබති. ක්‍රීඩා පිටියට තරග දිරිගන්වන්නන් හඳුන්වා දී නොවැම්බරයට හරියටම වසර 127කි.

එතරම් දීර්ඝ ඉතිහාසයක් ඇති දිරිගැන්වීමේ කලාව ක්‍රීඩා පිටියට හඳුන්වා දෙනු ලැබුවේ අමෙරිකානු වෛද්‍ය සිසුවකු වූ ජොනී කැම්බල් විසිනි. එහි ආරම්භයද රසවත් කතාවකි. එවකට අමෙරිකාවේ මිනෙසෝටා සරසවිය හා විස්කොන්සින් සරසවිය අතර වාර්ෂිකව පවත්වනු ලබන පාපන්දු තරගය සලකනු ලැබුවේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් තරගයක් ලෙසිනි. එය එවකට එරට ප්‍රධාන පාපන්දු තරගාවලියටද ඇතුළත් වූවකි. මේ දෙපිල අතර සුපුරුදු ලෙස 1898 වසරට අදාළ තරගය ඒ වසරේ නොවැම්බර් 2 දා පවත්වනු ලැබීය. තරගය ආරම්භ වීමට මොහොතකට පෙර මිනෙසෝටා සරසවියේ මිතුරන් කිහිප දෙනකු සමඟ පිටියට පැමිණි ජොනී කැම්බල් ඉදිරිපළ අසුනකට බර වී වටපිට බලමින් සුළු මොහොතක් ගත කළ අතර, තරගය ආරම්භ වීමට ආසන්න වෙද්දී හිටිහැටියේම අසුනින් නැඟී සිට එක්වරම ක්‍රීඩා පිටියට ඇතුළු වී තිබිණි. ඒ සමඟම මිතුරෝද ඔහු අනුව ක්‍රීඩාංගණයට ඇතුළු වූ අතර, අනතුරුව සංගීත ඛණ්ඩයකට අනුව ගීතයක් ගයමින් අපූරු නර්තනයක ද නිරත වූහ.

තරග දිරි­ගැ­න්වීමේ කලාව ශ්‍රී ලංකාවේ ප්‍රච­ලිත කළ පර්සි අබේ­සේ­කරතරග දිරි­ගැ­න්වීමේ කලාව ශ්‍රී ලංකාවේ ප්‍රච­ලිත කළ පර්සි අබේ­සේ­කර
Rah, Rah, Rah!

Ski-u-mah!

Hoo-Rah! Hoo-Rah!

Varsity! Varsity! Varsity,

Minn-e-So-Tah!

එතෙක් සන්සුන්ව සිටි නරඹන්නන් ඉන් ලැබුවේ අමුතුම ආස්වාදයකි. ක්‍රීඩා පිටිය තුළ මතු වූයේ කඩි ගුලක් ඇවිස්සුණාක් මෙන් කලබලකාරි හා උද්‍යෝගිමත් පසුබිමකි. සියලු භේද සැණෙකින් අමතක කළ ප්‍රේක්ෂකයෝද ක්‍රීඩාගාර තුළ රැඳී සිටිමින්ම ජොනී කැම්බල් සහ මිතුරන් පිරිස අනුකරණය කරන්නට වූහ. එදා තරගයට වඩා නරඹන්නන්ගේ හදවත් ආකර්ෂණය වූයේ කැම්බල්ගේ මේ ක්‍රියාන්විතයටය. විවිධ හැඩතල මවමින් දිරිගැන්වීමේ කලාව ලෝකය පුරා සැරිසරන්නට වූයේ එතැන් සිටය. ඊට වසර 25කට පසු (එනම්: 1923දී) මේ කලාවට කාන්තාවන් ද සම්බන්ධ වූ අතර, එය දිරිගැන්වීමේ කලාවට අලුත් වර්ණයක් එකතු කළ සිදුවීමක් බවට පත් විය. අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වඩාත්ම ජනප්‍රිය දිරිගන්වන්නන් පිරිස වන එංගලන්තයේ ‘බාමි ආමි’ කණ්ඩායම බිහි වූයේ එදා ජොනී කැම්බල් සහ මිතුරන් පිරිස සිදු කළ වික්‍රමාන්විතයේ පසුබිම ඔස්සේය.

දශක ගණනාවක කාලයක් ලොව පුරා විවිධ ක්‍රීඩා ක්ෂේත්‍රවල ප්‍රචලිත වූ මේ දිරිගැන්වීමේ කලාව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටියට හඳුන්වා දෙනු ලැබුවේ ‘අංකල් පර්සි’ හෙවත් පර්සි අබේසේකර මහතා විසිනි. Sri Lankan Super Fan හෙවත් ඒකපුද්ගල දිරිගන්වන්නා ලෙස දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වු පර්සි අබේසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩකයා ලෙසත් ප්‍රචලිතව සිටියේය. ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන ක්‍රීඩංගණයෙන් ක්‍රීඩාංගණයට ගිය හෙතෙම ශ්‍රී ලංකාවේ පමණක් නොව; විදෙස් රටවල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේද ගජ මිතුරෙකි.

පසුකාලීනව ශ්‍රී ලංකාවේ පමණක් නොව; ලොව පුරා තවත් රටවල් රැසක එවැනි තරග දිරිගන්වන්නන් විශාල පිරිසක් බිහිවූ අතර, එය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වන විට වාණිජකරණයට ලක් වූ කලාවක් ලෙස පරිවර්තනය වී තිබිණි. ක්‍රිකට් පිටියේ පමණක් නොව; ලොව ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලී අතර අද වන විට තරග දිරිගන්වන්නන් බවට පත් වී ඇත්තේ සුරූපි තරුණියන්ගෙන් සැදුම්ලත් නර්තන කණ්ඩායම්ය. එය දිරිගන්වීමේ කලාව වෘත්තීය තත්ත්වයකට පත් කර ඇත්තේ කාලයාගේ ඇවෑමෙනි.

  • Related Posts

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    …

    අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට

    …

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු