වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිව තිබේ.

2025 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 6,000ක පමණ අරමුදල් භාවිත කරමින් වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේදී මිලට ගත් වී තොග මේ වනවිට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ගබඩා කර ඇති බව රජය පවසයි.

ඒ අනුව, වෙළෙඳපොළ තුළ අඛණ්ඩ සහල් සැපයුමක් තහවුරු කිරීම සඳහා එම වී තොග, 2025 වසර සඳහා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් මඟින් සහල් කර, ලක් සතොස සහ සමූපකාර ජාලය හරහා වෙළෙඳපොළට නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

  • Related Posts

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    …

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    …

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු