දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්වූ බඩඉරිඟු, එළවළු සහ වෙනත් බෝග වගා සඳහා රජය දෙන රුපියල් කෝටි 38.1කට අධික විශේෂ සහනාධාර මුදල එම ගොවීන්ට දී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.
මේ මුදල ගොවීන් 11,081ගේ බැංකු ගිණුම් වෙත මේ වන විට බැර කර ඇත. මේ යටතේ බඩඉරිඟු ගොවීන් 365 දෙනකුට රුපියල් 14,423,125ක් ද, එළවළු ගොවීන් 9668 දෙනකුට රුපියල් 330,750,816ක් ද විශේෂ සහනාධාරය වශයෙන් එම ගොවි ගිණුම් වෙත යොමු කර ඇත.
හානියට පත්වූ බඩඉරිඟු එළවළු සහ වෙනත් බෝග වගා සඳහා සියලුම පළාත් ආවරණය වන පරිදි මේ විශේෂ සහනාධාරය පිරිනැමීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.






