පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම්වලින් රු.මිලියන 285කට වැඩි දඩ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 285කට වැඩි දඩ මුදලක් අය කරගෙන තිබේ.

2025 වසරේ දිවයින පුරා සිදුකළ වැටලීම්  21,000ක ප්‍රමානයක් සඳහා නඩු පවරා මෙම දඩ මුදල් අය කරගෙන ඇති බව පැවසෙයි.

භාණ්ඩවල නියමිත ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන සාම්පල 223ක් පරීක්ෂා කිරීමට අධිකාරිය කටයුතු කර තිබේ.

වානේ කම්බි, පොල්තෙල්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සහල්, ටින් මාළු, මිරිස් කුඩු, දියර කිරි, හිසකෙස් වර්ණක, කෝඩියල් සහ සිරප් වර්ග ඒ අතර වන බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

1977 පාරිභෝගික පැමිණිලි සේවා අංකය සඳහා පසුගිය වසර තුළ පැමිණිලි 5002ක් ලැබී ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.

ඉන් සියයට 79කට ආසන්න ප්‍රමානයක් විසදා ඇති බවද පෙන්වා දෙයි.

  • Related Posts

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    …

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    …

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු