මලල ක්‍රීඩා මුල් පුටු­වට බිමල්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම‍යේ සභා­පති තන­තු­රට කොළඹ ආනන්ද විදුහ‍‍ලේ ආදි ශිෂ්‍ය බිමල් ප්‍රසන්න විජ­ය­සිංහ මහතා වැඩි ඡන්ද 23කින් තේරී පත්විය. ක්‍රීඩා අමා­ත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රව­ණා­ගා­ර­යේදී ඊයේ පැවති නිල­ව­ර­ණ­යේදී බිමල් ප්‍රසන්න මහතා ඡන්ද 61ක් ලබා­ගත් අතර, හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩක හා හිටපු මලල ක්‍රීඩා සභා­ප­ති­ව­ර­යකු වූ සුනිල් ගුණ­ව­ර්ධන මහතා ඡන්ද 38ක් ලබා ගත්තේය.

බිමල් විජ­ය­සිංහ පාර්ශ්ව­යෙන් ලේකම් තන­තු­රට ඉදි­රි­පත් වූ හිටපු මලල ක්‍රීඩා පුහු­ණු­කරු මාධව බණ්ඩාර සෙන­රත් මහතා ඡන්ද 64ක් ලබා ගත් අතර, වෛද්‍ය ධම්මික සේනා­නා­යක මහතා ඡන්ද 35කට සීමා විය. භාණ්ඩා­ගා­රික තන­තු­රට ගිණු­ම්ක­රණ විධා­යක නිල­ධා­රි­නි­යක වූ රසිකා නිලං­ගනී මහ­ත්මිය පත්වූ අතර, වසර 10කට වැඩි කාල­යක් මලල ක්‍රීඩා විධා­යක සභාව නියෝ­ජ­නය කළ ශාන්තලාල් ද සිල්වා මහතා උප භාණ්ඩා­ගා­රික තන­තු­රට නිත­ර­ග‍යෙන් තේරී පත්වීම විශේ­ෂ­ත්ව­යකි. මලල ක්‍රීඩා ක්‍රියා­කාරි කමි­ටු­වට ඡන්ද 38ක් ලබා ගත් ලාල් චන්ද්‍ර­කු­මාර මහතා ඉල්ලා අස්වූ­වේය.

මලල ක්‍රීඩා නිල­ව­ර­ණ­යට අනුව ලියා­ප­දිංචි අනු­බද්ධ ක්‍රීඩා සංගම් 39ක් ඉදි­රි­පත්වී සිටි­යද එයින් සංගම් 3ක ක්‍රියා­කා­රී­ත්වය තහ­වුරු වී නොමැති හෙයින් නිල­ව­ර­ණ­යට අදාළ ඡන්ද ගණන 36කට සීමා වී තිබේ.

මලල ක්‍රීඩා සංග­මයේ ඡන්ද ප්‍රති­ඵල මෙසේය.

සභා­පති (තන­තුරු 1යි) – බිමල් විජ­ය­සිංහ (ඡන්ද 61) සුනිල් ගුණ­ව­ර්ධන (ඡන්ද 38), ලේකම් – (තන­තුරු 1යි) – මාධව බණ්ඩාර සෙන­රත් (ඡන්ද 64) වෛද්‍ය ධම්මික සේනා­නා­යක (ඡන්ද 35), භාණ්ඩා­ගා­රික (තන­තුරු 1යි) – රසිකා නිලං­ගනී (ඡන්ද 63) රුවන් කුමාර (ඡන්ද 34), උප සභා­පති (තන­තුරු 2යි) – ජයන්ත ගාමිණී සිය­මු­දලි (ඡන්ද 59), ජගත් ඥාන­සිරි සිල්වා (ඡන්ද 53), ප්‍රසන්න ඉන්දික (ඡන්ද 32), නිමන්ත ජය­ති­ලක (ඡන්ද 32), උප ලේකම් – (තන­තුරු 1යි) – ඇලෝයි වික්‍ර­ම­සිංහ (ඡන්ද 56), සමීර පෙරේරා (ඡන්ද 40), උප භාණ්ඩා­ගා­රික – ශාන්තලාල් ද සිල්වා (නිත­ර­ග­යෙන්), සට­හ­න්කරු (තන­තුරු 1යි) – බණ්ඩාර සම­ර­කෝන් (ඡන්ද 64), ෂෙහාන් අඹේ­පි­ටිය (ඡන්ද 29), ක්‍රියා­කාරී කමි­ටුව (තන­තුරු 8යි) – නෙවිල් රොද්‍රිගු (ඡන්ද 57), ප්‍රසන්න කුමාර අළු­වි­හාරේ (ඡන්ද 57), ටෙනි­සන් සිරිවර්ණසිංහ(ඡන්ද 54), ගීතා නන්දනී (ඡන්ද 50), සුගත් කුමාර (ඡන්ද 50), වී. ඊස්ප­රම් (ඡන්ද 42), ගීත් මාන­වඩු (ඡන්ද 39), වසන්ත ෆොන්සේකා (ඡන්ද 38).

  • Related Posts

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    …

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    …

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු