1951 වසරේ බිහිරි ප්‍රජාව සඳහා වූ ලෝක පර්ෂදය ආරම්භ කළ දිනය වන සැප්තැම්බර් 23 දිනය ඒ සඳහා යොදා ගෙන තිබේ. මෙම දිනය අන්තර්ජාතික වශයෙන් සැමරීම ආරම්භ කර තිබෙන්නේ 2018 වසරේදී ය.
- සංඥා භාෂාවක් යනු කුමක්ද?
සංඥා භාෂාවක් යනු දෑත් සහ ශරීරය භාවිතයෙන් අදහස් ප්‍රකාශ කරනු ලබන විශේෂ ක්රමයකි. බිහිරි අයට සන්නිවේදනය කිරීම අතිශයින් වැදගත් වේ. කතා කරන භාෂා වැනි ශබ්ද භාවිත කිරීම වෙනුවට, සංඥා
භාෂාවලදී දැකිය හැකි චලනයන් භාවිත කරයි.
- මිනිසුන් සංඥා භාෂාව ඉගෙන ගන්නා ආකාරය සහ භාවිත කරන ආකාරය
බිහිරි අය සමහර විට තම පවුල්වලින් සංඥා භාෂාව ඉගෙන ගනිති. විශේෂයෙන් ඔවුන්ගේ මව්පියන් ද බිහිරි නම්. කෙසේ වෙතත්, බොහෝ බිහිරි දරුවන්ට සිටින්නේ ශ්‍රවණය කළ හැකි (කන් ඇසෙන) මව්පියන් ය. එබැවින්, ඔවුහු බොහෝ විට පාසලේදී හෝ ඔවුන්ගේ ප්‍රජාව තුළ හමුවන අනෙකුත් බිහිරි අයගෙන් සංඥා භාෂාව ඉගෙන ගනිති.
සාමාන්‍යයෙන්, බිහිරි අය සංඥා භාෂා භාවිත කරන අතර, ශ්‍රවණය කළ හැකි පුද්ගලයෝ කථන භාෂා භාවිත කරති.
සමහර බිහිරි අයට කථිකයකුගේ තොල් නැරැඹීමෙන් ද කථන වචන තේරුම් ගත හැකි ය. මෙය තොල් කියවීම ලෙස හැඳීන්වේ. මෙය හොඳීන් කිරීම තරමක් අපහසු ය. සමහර විට, මිනිසුන් සංඥා කිරීම සහ තොල් කියවීම ඒකාබද්ධ කරයි. විශේෂයෙන් බිහිරි අය සහ ශ්‍රවණය කළහැකි අය එකට කතා කරන විට.
සංඥා භාෂා සෑම තැනකම එක හා සමාන නොවේ. සියලුම බිහිරි පුද්ගලයන් සඳහා එක් සංඥා භාෂාවක් පමණක් නොමැත. ඒ වෙනුවට, එක් එක් රටවල ජීවත් වන සෑම බිහිරි ප්රජාවකටම තමන්ගේම සංඥා භාෂාවක් නිර්මාණය කළ හැකි ය. බොහෝ විට සෑම රටකටම තමන්ගේම අනන්‍ය සංඥා භාෂාවක් ඇත.
ලොව ප්‍රකට සංඥා භාෂා
අමෙරිකානු සංඥා භාෂාව – American Sign Language (ASL)
ඔස්ට්‍රේලියානු සංඥා භාෂාව – Auslan (Australian Sign Language)
ඔස්ට්‍රියන් සංඥා භාෂාව – (Austrian Sign Language)
බ්‍රිතාන්‍ය සංඥා භාෂාව – British Sign Language (BSL)
ඉන්දු -පකිස්තානු සංඥා භාෂාව -(Indo-Pakistani Sign Language
ජපන් සංඥා භාෂාව – (Japanese Sign Language/ Nihon Shuwa (JSL හෝ NS)
මෙක්සිකානු සංඥා භාෂාව – ( Mexican Sign Language (Spanish: Lengua de señas mexicana හෝ LSM)
නිකරාගුවා සංඥා භාෂාව -(Nicaraguan sign language)
නවසීලන්ත සංඥා භාෂාව -(New Zealand Sign Language (NZSL)
කියුබෙක් සංඥා භාෂාව – (Quebec Sign Language (French: Langue des signes québécoise, හෝ LSQ)
තුර්කි සංඥා භාෂාව -(Turkish Sign Language (TSL)
බොහෝ සංඥා භාෂා තිබුණත්, ඒවා එකිනෙකට සම්බන්ධ විය හැකි ය. උදාහරණයක් ලෙස, ASL, LSM සහ LSQ යන සංඥා භාෂා සියල්ලම පැරැණි ප්‍රංශ සංඥා භාෂාවෙන් පැමිණි භාෂා වේ. ඒවා එකම භාෂා පවුලක කොටසක් වේ. BSL, Auslan සහNZSL වැනි සමහර සංඥා භාෂා ඉතා සමාන ය. වාග් විද්‍යාඥයන් සමහර විට ඒවා “BANZSL” ලෙස හඳුන්වයි. (බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියානු නවසීලන්ත සංඥා භාෂාව සඳහා). කතා කරන භාෂා වචන ණයට ගන්නා ආකාරයටම, සංඥා භාෂාවලට ද එකිනෙකාගෙන් සංඥා ණයට ගත හැකි ය.
*සංඥා භාෂා ව්‍යාකරණ අවබෝධ කර ගැනීම
සංඥා භාෂා යනු කථන භාෂා මෙන් තමන්ගේම නීති රීති සහිත සැබෑ භාෂා වේ. වාක්‍ය සෑදීම සඳහා සංඥා එකට එකතු කරන ආකාරය සඳහා ඒවාට නීති තිබේ. මෙයට වාක්‍ය ව්‍යුහය, සංඥා සෑදෙන ආකාරය, සංඥාවල කුඩා කොටස් සහ අර්ථය සඳහා නීති ඇතුළත් වේ. සංඥා භාෂා යනු අහඹු අභිනයන් හෝ අනුකරණයන් පමණක් නොවේ.
ප්‍රධාන වෙනස වන්නේ සංඥා භාෂා, සංඥා නිර්මාණය කිරීමට අත් සහ ශරීර චලනයන් භාවිත කරන අතර, කථන භාෂා වචන නිර්මාණය කිරීමට ශබ්ද භාවිත කිරීමයි. සංඥා භාෂාවක සෑම ලකුණක්ම කථන භාෂාවක වචනයක් වැනි ය. භාෂා වර්ග දෙකම මෙම වචන හෝ සංඥා සම්පූර්ණ වාක්‍ය බවට ඒකාබද්ධ කිරීමට ව්‍යාකරණ රීති භාවිත කරයි. සරල අභිනයන්ගෙන් වෙනස් වන සැබෑ භාෂා බවට සංඥා භාෂා පත් කරන්නේ මෙම ව්‍යාකරණ රීතියි.
සංඥා භාෂාව බිහිරි සංස්කෘතියේ වැදගත්ම කොටසයි. සංඥා භාෂාව හරහා, බිහිරි පුද්ගලයන්ට ඔවුන්ටම අනන්‍යතාවක් නිර්මාණය කර ස්වාභාවිකවම එකිනෙකා සමඟ සම්බන්ධ විය හැකි ය. ශ්‍රවණය කළ හැකි ප්‍රජාවන් කථන භාෂාවෙන් සන්නිවේදනය පවත්වා ගන්නා කරන ආකාරයටම බිහිරි ප්‍රජාව සංඥා භාෂාව ඔවුන්ගේ සන්නිවේදනය ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී කරගනිති.
සමහර දරුවන් බිහිරි ලෙස උපත ලබන අතර, තවත් සමහරුන්ට අසනීප හේතුවෙන් ඉතා කුඩා අවධියේදී ඔවුන්ගේ ශ්‍රවණය අහිමි වේ. මෙම දරුවෝ බොහෝ විට සංඥා කිරීමට ඉගෙන ගෙන බිහිරි ප්‍රජාවේ සහ එහි සංස්කෘතියේ කොටසක් බවට පත්වෙති.
ලෝකයේ සංඥා භාෂා 300කට වඩා තිබේ.
විශ්වීය සංඥා භාෂාවක් නොමැති අතර, සමහර සංඥා භාෂා එක්සත් රාජධානිය තුළ එක් එක් කලාපවල ද වෙනස්කම්වලින් යුක්ත විය හැකි ය. එංගලන්තය, වේල්සය, අයර්ලන්තය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි ඉංග්‍රීසි කතා කරන අනෙකුත් රටවල අක්ෂර වින්‍යාසය සහ වාචික භාවිතයන් වෙනස් වනවා සේම, එකම රටෙහි එක් එක් කලාපවල සංඥා භාෂාවල ද යම් යම් වෙනස්කම් දැකගත හැකි ය.





