සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත්කර දෙමින් ලකුණු 89ක ජයක් ලැබීමට එංගලන්තය සමත්වුණා.
තරගය පැවැත්වුණේ චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හිදී
එම තරගෙව් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 265ක් රැස්කළ අතර නායක හැරී බෘක් ලකුණු 67ක් රැස් කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සචින්දු කොළඹගේ කඩුලු 3ක් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳහෙලුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37කදී සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 176ක් පමණයි.
දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හයේ පහර දෙකක් ද සමග ලකුණු 45ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවෙක් ඉනිමේ ලබාගත් එකම හයේ පහර දෙක එය වුණා.





