හලාවත ඉදිකළ විශේෂ ක්ෂේත්‍ර රෝහල සෞඛ්‍ය ලේකම්ගේ නිරීක්ෂණයට

ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම විසින් හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති විශේෂ ක්ෂේත්‍ර රෝහල මගින් සිදුකරනු ලබන සුව සත්කාර සේවාවන් පිළිබදව සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (05) එහි විශේෂ නිරීක්ෂණයක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද එම අවස්ථාව සමග එක්වූහ.

මෙරට ඇතිවුන හදිසි ආපදා තත්ත්වය හමුවේ ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීමේ අරමුණින් පසුගියදා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත  හලාවත සහ ඒඅවට ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට ප්‍රතිකාර සේවාවන් ලබා දීම ප්‍රමුඛ අරමුණ කරගනිමින්  විශේෂ ක්ෂේත්‍ර රෝහලක් හලාවත මූලස්ථාන පොලීස් ක්‍රීඩාංගනයේ ස්ථාපිත කෙරිණි.

පසුගිය 04 වනදා සිට ප්‍රතිකාර සේවාවන් ආරම්භ කරන ලද එම විශේෂ ක්ෂේත්‍ර රෝහල මගින් දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා අඛණ්ඩව ප්‍රතිකාර සේවාවන් සිදුකරනු ලබයි.

මෙහි දී ලේකම්වරයා ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම විසින් මෙරට ජනතාවට ප්‍රතිකාර සේවාවන් සිදුකරන ආකාරය පිළිබදව පෞද්ගලිකවම නිරීක්ෂණය කරන ලද අතර ඔවුන් සමග සුහද කතාබහක ද නිරත විය.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම ක්ෂේත්‍ර රෝහල පළමු අදියරේ රෝහලක් බවත්(type 1) මේවන විට රෝගීන් සියයකට අධික පිරිසකට ප්‍රතිකාර සේවාවන් සිදුකර ඇති බවත් පැවසීය.

ජපානය ශ්‍රී ලංකාවේ ඉතා මිත්‍රශීලී රටක් බව ද අවධාරණය කළ ලේකම්වරයා මෙරට විවිධ ආපදාවන්ට ගොදුරු වූ සෑම අවස්ථාවකදීම පාහේ ජපානය සහයෝගය ලබාදීමට පැමිණෙන බවද සිහිපත්කර සිටියේය. මෙරටට පැමිණි සහන කණ්ඩායම් අතරින් පළමුවෙන්ම පැමිණි කණ්ඩායම ලෙස මෙම කණ්ඩයම හැදින්විය හැකි බවත් ඒමහතා වැඩිදුරටත් පැවසීය.

ජල ගැල්මට හසුවූ හලාවත දිස්ත්‍රික්මහ රෝහලේ මේවන විට ප්‍රතිකාර සේවාවන් අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, සියලුම ප්‍රතිකාර සේවාවන් ජනතාවට ලබා දීමට නොහැකි මෙම අවස්ථාවේ ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායමේ විශේෂ ක්ෂේත්‍ර රෝහල ස්ථාපිත කිරීමට සුදුසුම ස්ථානය හලාවත වන බැවින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලබා දුන් උපදෙස් මත මෙම ක්ෂේත්‍ර රෝහල මෙහි ස්ථාපිත කිරීමට තමන් උපදෙස් ලබා දුන් බවත්, එම කණ්ඩායම විසින් මෙරට ජනතාවට කාර්යක්ෂමව සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බව තමන්ට අද දින නිරීක්ෂණය වූ බවද  බවද ලේකම්වරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන්, රසායනාගාර විශේෂඥයින්, විකිරණවේදීන්, සැපයුම්කරුවන්, සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළුව  සෞඛ්‍ය වෘත්තිකයන් 31 දෙනෙකු මෙම හදිසි ආපදා සහන විශේෂඥ  කණ්ඩායමට ඇතුළත්වේ.

ඉදිරි සති දෙකකට අධික කාලයක් හලාවත ප්‍රදේශයේ රැදී සිට ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමට කටයුතු කරන බව එම හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී IWASE KIICHIRO මහතා ද මෙහි දී අදහස් දක්වමින් පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය අසංක වෙදමුල්ල යන මහත්වරුන් ඇතුළුව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JAICA) නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

  • Related Posts

    වරදකරුවන් වූ 15 ට බරපතළ සිර දඬුවම්..දේපළ රාජසන්තකයි – ඊයේ මහ රෑ පාස්කු වරදකරුවන්ට දැඩි දඬුවම් දෙයි.

    …

    ඩෙංගු තවාන්වලින් රජයේ ආයතන කප් ගසයි

    …

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු