යූනි­යන් ඇෂු­ව­රන්ස් ‘සුව මඟ’ බල­පෑම් වාර්තා­වෙන් ‘නිහඬ මරුවා’ ගැන වැද­ගත් තොර­තුරු

ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම ජීවිත රක්ෂණ සමා­ග­මක් වන යූනි­යන් ඇෂු­ව­රන්ස්, Hilton Residencesහි පැවති උත්ස­ව­ය­කදී සිය යූනි­යන් ඇෂු­ව­රන්ස් ‘සුව මඟ’ බල­පෑම් වාර්තාව මහත් අභි­මා­න­යෙන් යුතුව හඳුන්වා දුන්නේ එහි ප්‍රධා­න­තම ප්‍රජා සත්කාර වැඩ­ස­ට­හන වන යූනි­යන් ඇෂු­ව­රන්ස් සුව මඟ ඔස්සේ ඇති කරන ලද සුවි­සල් බල­පෑම විදහා දක්ව­මිනි. වර්ෂ 2024 දී ආරම්භ කරන ලද යූනි­යන් ඇෂු­ව­රන්ස් ‘සුව මඟ’ යනු ශ්‍රී ලංකාව පුරා දිය­වැ­ඩියා ව්‍යාප්තිය අන­තු­රු­දා­යක ලෙස ඉහළ යෑම පාල­නය කිරීමේ අර­මුණ ඇතිව රට පුරා ක්‍රියා­ත්මක වූ නව වැඩ­ස­ට­හ­නකි. මේ වැඩ­ස­ට­හන ගොඩනැඟෙන්නේ දිය­වැ­ඩි­යාව සහ එහි අව­දා­නම් තත්ත්ව­යන් පිළි­බඳ දැනු­ව­ත්භා­වය ඉහළ නැංවීම, අධ්‍යා­ප­නය සහ සහ­භා­ගිත්ව ක්‍රියා­කා­ර­කම් ඔස්සේ සෞඛ්‍යසම්පන්න ජීවන රටා ප්‍රව­ර්ධ­නය කිරීම, කල්තියා රෝග හඳුනාගැනීම සහ අව­දා­නම් කළ­මනා කර­ණය සඳහා සහාය වීම මෙන්ම, ප්‍රජා සහ­භා­ගි­ත්වය ඉහළ නැංවීම යන උපා­ය­මා­ර්ගික පද­නම් මාර්ග හත­රක් ඔස්සේය.

ශ්‍රී ලංකා දිය­වැ­ඩියා සංග­මය සහ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සමඟ ඒකා­බ­ද්ධව හඳුන්වා දෙන ලද පූර්ණ පහ­සු­කම් සපිරි වෛද්‍ය රථ­යක් වන යූනි­යන් ඇෂු­ව­රන්ස් ‘සුව මඟ’ ජංගම තිර පරීක්ෂා ඒක­කය මෙම වැඩ­ස­ට­හනේ කේන්ද්‍රිය අංගය ලෙස ක්‍රියා­ත්මක වේ. සහ­ති­ක­ලාභි සුව­සේවා වෘත්ති­ක­ය­න්ගෙන් සම­න්විත මෙම ඒක­කය මඟින් අව­දා­නම් සාධක අඩු කර­ගැ­නී­මට සහාය වීම පිණිස මහ­ජ­න­තා­වට නොමිලේ දිය­වැ­ඩියා තිර පරීක්ෂා සමඟ සවි­ස්ත­රා­ත්මක සෞඛ්‍ය වාර්තා සහ පුද්ගල බද්ධව ජීවන රටා වෙනස් කර­ගැ­නීම සඳහා උප­දෙස් පිරි­නැ­මෙයි. ජංගම තිර පරීක්ෂා ඒක­ක­යට අම­තර වශ­යෙන්, දුර බැහැර ප්‍රදේ­ශ­වල සිදු කෙරෙන මෙම වැඩ කට­යුතු වඩාත් සවි­මත් කිරීම සඳහා අත්‍ය­වශ්‍ය උප­ක­රණ සහ සම්පත් සප­යා­ග­නි­මින් රට පුරා තෝරා­ගත් ස්ථාන­වල තිර පරී­ක්ෂා­වන් සිදු කිරී­මට යූනි­යන් ඇෂු­ව­රන්ස් සිය උපා­ය­මා­ර්ගික සහ­ක­රු­වන් සහ පෞද්ග­ලික සුව­සේවා සැප­යු­ම්ක­රු­වන් සමඟ එක්ව කට­යුතු කළේය.

යූනි­යන් ඇෂු­ව­රන්ස් ‘සුව මඟ’ බල­පෑම් වාර්තාව මඟින් 2024 ජූනි සිට 2025 අගෝස්තු දක්වා වූ මාස 15ක කාල­ප­රි­ච්ඡේ­දය පුරා මෙම වැඩ­ස­ට­හන අත්පත් කර­ගත් ජය­ග්‍ර­හණ විව­ර­ණ­යට ලක් කරයි. අදාළ කාලය තුළ සමා­ගම විසින් 23,0000කට අධික පිරි­ස­කට දිය­වැ­ඩි­යා­වට අදාළ තිර පරී­ක්ෂා­වන් නොමිලේ පිරි­න­ම­මින්, දිස්ත්‍රික්ක 25 පුරා විහි­දෙ­මින් මුළු දිව­යි­නම ආව­ර­ණය වන පරිදි ස්ථාන 263කදී තිර පරී­ක්ෂා­වන් සිදු කරනු ලැබිණි. මෙම වාර්තාව මඟින් සමස්ත ප්‍රති­දේහ ස්කන්ධ දර්ශ­කය (BMI), අහඹු රුධිර සීනි, නිරා­හාර රුධිර සීනි, HbA1c පරී­ක්ෂාව, පව­තින සෞඛ්‍ය තත්ත්වය සහ පවුලේ සෞඛ්‍ය ඉති­හා­සය මත පද­නම්ව, මෙරට ජන­ග­හ­නයේ වඩාත්ම බල­පෑ­මට ලක් වූ පිරිස අතර දිය­වැ­ඩි­යාව ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු පිළි­බඳ වැද­ගත් අද­හස් රැසක් සැප­යෙයි.

මේ පිළි­බඳ අද­හස් දක්ව­මින්, යූනි­යන් ඇෂු­ව­රන්ස් ප්‍රධාන විධා­යක නිල­ධාරී සෙනත් ජය­ති­ලක මෙසේ පැව­සීය: “යූනි­යන් ඇෂු­ව­රන්ස්හි අප විසින් ක්‍රියා­ත්මක කරනු ලබන සෑම නව වැඩ­ස­ට­හ­න­කින් ම රැක­ව­ර­ණ­යෙන් සවි­බල ගැන්වෙන මානව ප්‍රග­තිය උදා කිරීම සඳහා වන අපගේ කැප වීම පිළි­බිඹු වන අතර, මෙහිදී විශේෂ අව­ධා­න­යක් යොමු වන වැද­ගත් කාර්ය­භා­ර­යක් වන්නේ සැමගේ සෞඛ්‍යය සුරැ­කී­මයි. මේ සන්නාම දැක්ම අනුව කට­යුතු කර­මින්, අපගේ ප්‍රධා­න­තම ප්‍රජා සත්කාර වැඩ­ස­ට­හනේ ව්‍යාප්තිය සහ සාර්ථ­ක­ත්වය විදහා දක්වන යූනි­යන් ඇෂු­ව­රන්ස් සුව මඟ බල­පෑම් වාර්තාව ඉදි­රි­පත් කර­න්නට ලැබීම අප ලැබූ ගෞර­ව­යක්, අපගේ මූලික අර­මුණ වුණේ පුද්ගල මට්ට­මෙන් ප්‍රායෝ­ගි­කව සිදු කෙරෙන තිර පරී­ක්ෂා­වන් හරහා 15,000ක පිරි­සක් වෙත ළඟා වීම වුවත්, අප ඉතා සාර්ථක අයු­රින් 23,000කට අධික පිරි­ස­කට ඵල­දායි ප්‍රති­ඵල ලබා දී ඇත්තේ අපගේ බල­පෑම් ඉල­ක්කය 155%කින් සපු­රා­ල­මින්, මේ ජය­ග්‍ර­හ­ණය විශේ­ෂ­යෙන්ම බොහෝ විට සුව­සේවා ලබා ගැනීමේ පහ­සුව නොලැ­බෙන බිම් මට්ටමේ පිරිස් අතර අපගේ ව්‍යාප්තියේ පරි­මා­ණය පම­ණක් නොව; අප විසින් ඇති කරන ලද බල­පෑමේ ප්‍රබ­ල­ත්වය ද පිළි­බඳ සහ­ති­ක­යක්.”

යූනි­යන් ඇෂු­ව­රන්ස්හි ප්‍රධාන අලෙවි නිල­ධාරි මහේන් ගුණ­රත්න මේ පිළි­බඳ අද­හස් පළ කළේ මෙසේය: “යූනි­යන් ඇෂු­ව­රන්ස් සුව මඟ බල­පෑම් වාර්තාව හරහා අප ලබා­ගත් තොර­තු­රු­ව­ලින් ඉතා වැද­ගත් කතා­වක් කියැ­වෙ­නවා. වැඩි­දු­ර­ටත් HbA1c පරි­ක්ෂාව සඳහා යොමු කරන ලද ප්‍රති­ලා­භීන් පිරි­සෙන් 13%ක් අත­රින් 76%ක් දිය­වැ­ඩියා අව­ධියේ සිටින බව හෙළි­ද­රවු වුණා. රෝගයේ පුළුල් ව්‍යාප්ති ස්වභා­වය සහ නොප­මාව නිසි පිය­වර ගැනීමේ අව­ශ්‍ය­තාව මෙම බර­ප­තළ තොර­තු­රු­ව­ලින් අව­ධා­ර­ණය වනවා. එසේම, ප්‍රති­ලා­භී­න්ගෙන් ආසන්න වශ­යෙන් 37කට දිය­වැ­ඩි­යාව ඇති බව ප්‍රථම වරට හඳු­නා­ගනු ලැබුවේ යූනි­යන් ඇෂු­ව­රන්ස් සුව මඟ හරහා වන අතර, එසේ නොවුවා නම් ඔවුන් හඳු­නා­ගැ­නී­මක් සහ ප්‍රති­කාර කිරී­මක් සිදු නොව­න්නට ඉඩ තිබුණා.

“රෝග හඳුනාගැනී­මෙන් ඔබ්බට යමින්, මෙම වැඩ­ස­ට­හන මඟින් අර්ථ­වත් චර්යා­ත්මක වෙන­ස්කම් ඇති කර ඇති අතර, ප්‍රති­ලා­භී­න්ගෙන් 71%ක් සෞඛ්‍යය සම්බ­න්ධ­යෙන් වඩාත් ඉහළ තත්ත්ව­යන් ඇති කිරී­මට හේතු වූ යහ­පත් චර්යා­ත්මක වෙන­ස්කම් වාර්තා කර තිබෙ­නවා. මෙය සුවි­සල් ජය­ග්‍ර­හ­ණ­යක් වන්නේ යූනි­යන් ඇෂු­ව­රන්ස් සුව මඟ හරහා ගැටලු හඳු­නා­ගැ­නීම පම­ණක් නොව; නිසි පිය­වර ගනි­මින් තමන්ගේ ජීවිත වෙනස් කර­ගැ­නී­මට ජන­තාව පෙල­ඹ­වී­මත් සිදු වන නිසයි.”

  • Related Posts

    විනිවිද පෙනෙන මූල්‍ය විනයක ආදර්ශය දෙන පීපල්ස් ඉන්ෂූවරන්ස්

    …

    කොළඹ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට Card පත්වලින් ගෙවීමේ පහසුකම එයි! රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට නව පියවරක්

    …

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු