ශ්‍රී ලංකාව සමඟ පවත්නා විස්තීරණ ණය වැඩසටහනේ හයවැනි වාරිකයට අදාළ සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. එම නියෝජිත කණ්ඩායම මේ මස අවසානයේ මෙරටට පැමිණීමට නියමිත බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය වාරික සංඛ්‍යාව 05ක් වන අතර මෙරට ආර්ථික කාර්යසාධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව රජය විසින් ගෙන ඇති පියවර පිළිබඳ එහිදී පුළුල් ලෙස සමාලෝචනය කරනු ඇති බව ද එම සමාලෝචනයෙන් අනතුරුව හයවැනි ණය වාරිකය මුදාහැරීම සම්බන්ධයෙන් අවශ්‍ය එකඟතාවලට එළඹීමට නියමිත බව ද ඒ මහතා පෙන්වා දෙයි.






