හලාවත – කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් කොක්කවිල හන්දියෙන් දකුණට හැරවීමට යාමේදී එම දිසාවටම පසුපසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකාරිය හා පසුපැදිකරුවා වූ ඇයගේ පුතා බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පැදිකාරිය මියගොස් තිබේ.






