ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනරැලිය අනිවාර්යයෙන්ම පවත්වන බවත් එම වේදිකාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිත වනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනරැලියට සහභාගි වුවත් ඒ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩ නොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳී සිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත සඳහන් කළා.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳට ‘රාජ යෝග’ ඇති බවට පවතින විශ්වාසය මත ඇයව දේශපාලන වේදිකාවට ගෙන ඒමට ද ඇතැම් කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වනවා.
මිට පෙරද ඇගේ දේශපාලන සම්ප්‍රප්තියක් පිළිබඳව කසුකුසුවක් පැතිර තිබුණා.






