නිත්ත‍වෙල පිටියේ ආර­ක්ෂක සැල­සුම හදන්න මහ­නු­වර ක්‍රීඩා සමා­ජ­යට දින 7ක් කල් දෙයි

නිත්ත­වෙල ක්‍රීඩාං­ග­ණ­යේදී ඉදිරි රග්බි තරග පැවැ­ත්වී­මට සුදුසු ආර­ක්ෂක සැල­සු­මක් හා ආර­ක්ෂාව පිළි­බඳ සහ­ති­ක­යක් දින 7ක් ඇතු­ළත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රග්බි සංග­මය මහ­නු­වර ක්‍රීඩා සමා­ජ­යට දැනුම් දෙයි.

නිත්ත­වෙල ක්‍රීඩාං­ග­ණයේ පැවති සීඑච් ඇන්ඩ් එෆ්සී පිල හා මහ­නු­වර ක්‍රීඩා සමා­ජය සමඟ තර­ගය ලකුණු 24ට 24ක් ලෙස සම තත්ත්ව­යෙන් නිමා කිරී­මත් සමඟ තර­ගය නැර­ඹී­මට පැමිණ සිටි එක්තරා කල­හ­කාරී පිරි­සක් ක්‍රීඩා පිටි­යට කඩා වැදී තරග විනි­සු­රුට පහ­ර­දී­මට තැත් කිරීම හා සීඑච් පිලේ පුහුණු කළ­ම­නා­කා­රී­ත්වය හා ආධා­ර­ක­රු­වන් අප­හ­සු­තා­වට පත්වන සේ හැසි­රෙ­මින් විශාල කල­බ­ගෑ­නි­යක් ඇති කිරීම පිළි­බ­ඳව ශ්‍රී ලංකා රග්බි විධා­යක කමි­ටුව සිදු කළ විශේෂ පරී­ක්ෂ­ණ‍යේදී මේ බව තීර­ණය විය.

මහ­නු­වර ක්‍රීඩා සමා­ජයේ නිල­ධා­රීන් ද කැඳවා කරුණු විම­ස­මින් හා සිද්ධිය පිළි­බඳ වීඩියෝ දර්ශන නැර­ඹී­මෙන් පසු මේ තීර­ණ­යට එළැඹි බව ශ්‍රී ලංකා රග්බි සංග­මයේ සභා­පති පවිත්‍ර ප්‍රනාන්දු මහතා අප කළ විම­සු­ම­කදී පැව­සීය.

තර­ග­යක් නිමා­වට පත්වී­මෙන් පසු අතට අතදී සුහ­ද­තාව පළ කිරීම වෙනු­වට ගුටි බැට හුව­මා­රු­ව­කට සූදා­නම් වන තත්ත්ව­යක් නිත්ත­වෙල ක්‍රීඩාං­ග­ණයේ පැව­තීම කන­ගා­ටු­දා­යක බවත්, එවැනි සිද්ධීන් හෙළා දකින බවත් සභා­ප­ති­ව­රයා පැව­සීය.

“නිත්ත­වෙල ක්‍රීඩාං­ග­ණයේ ඉදිරි රග්බි තරග පව­ත්ව­නවා නම් ආර­ක්ෂාව උප­රි­මව තිබිය යුතුයි. නැත්නම් නිත්ත­වෙ­ලට තහ­න­මක් හෝ ප්‍රේක්ෂ­ක­යන් නැතිව තරග පැවැ­ත්වීම කරන්න සිදු වෙනවා. යළිත් මේ වගේ දෙයක් වෙන්න බෑ. රග්බි විධා­යක කමි­ටුව ඒක­ම­ති­කව මේ පිළි­බඳ තීර­ණ­යක් ගත්තා” පවිත්‍ර ප්‍රනාන්දු මහතා පැව­සීය.

වසර ගණ­නා­ව­කට පසු රග්බි තර­ග­ය­කදී මහ­නු­වර පිල පරා­ජය කිරී­මට හෝ ලකුණු සම කර ගැනී­මට හෝ නොහැ­කිව සිටි පසු­බි­මක සීඑච් ඇන්ඩ් එෆ්සී පිල දක්ෂතා දැක්වී­මට සමත් වූවේය.

අන්තර් ක්‍රීඩා සමාජ තර­ග­ව­ලදී පම­ණක් නොව ගෙවුණු කාලයේ පැවති ඇතැම් පාසල් රග්බි තරග නිමා­වී­මෙන් පසු­වද නිත්ත­වෙල ක්‍රීඩාං­ග­ණයේ කල­හ­කාරී හැසි­රීම් දිගින් දිග­ටම දක්නට ලැබුණු අතර, පොලිස් ආර­ක්ෂාව මැද වුවද, කල­හ­කා­රීහු ක්‍රීඩාං­ග­ණ­යට කඩා වැදු­ණහ

  • Related Posts

    වරදකරුවන් වූ 15 ට බරපතළ සිර දඬුවම්..දේපළ රාජසන්තකයි – ඊයේ මහ රෑ පාස්කු වරදකරුවන්ට දැඩි දඬුවම් දෙයි.

    …

    ඩෙංගු තවාන්වලින් රජයේ ආයතන කප් ගසයි

    …

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු