2024 සැප්තැම්බර් 21 වන දා මෙරට ජනතාව ඉතිහාසගත තීන්දුවක් ලබාදෙමින් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ රජයට සහය දැක්වූයේ නව රටක් පිළිබද බලාපොරොත්තු තබා ගනිමිනි. එතෙක් මෙතෙක් තනි අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයකින් 44.32% ක බහුතර ඡන්ද බලයක් ලබාදනු ශ්‍රී ලාංකකියන්ගේ අපේෂාව වූයේ එතෙක් දශක ගණනාවක් තිස්සේ පැවති මජර දේශපාලන සංස්කෘතියට තිත තැබීමයි. ජනතාව පුනරුදය ලෙස බලාපොරාත්තු තැබූ ඒ වෙනස පුස්සක් වන්නේ ජනපතිවරයා විසින්ම පත්කළ ඇතැම් මැති ඇමතිවරුන් හා නිළධාරීන් දැන් දැන් පැරණි දේශපාලන සංස්කෘතිය පුරුදු පුහුණු කරමින් සිටින නිසාය.මේ කතාවට පාදක වන්නේද එවැනි සිදුවීමකි.
පොල් සම්බන්ධ ආයතනයක ඉහලම පුටුවක් හොබවන අපේ කතානායක වරයාගේ අදුරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට සමස්ථ පොල් නිෂ්පාදන ක්ෂේත්‍රයම අවධානම් අඩියකට වැටී තිබේ.පොල් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධ ව්‍යාපාරයක නියැලී සිටි ඔහු එම ව්‍යාපාරය තුළ සිදුකළ අනුවන තීරණයන් නිසා එය බලාගෙන සිටියදී බිමට සමතලා වීය.පසුව විෂය භාර අමාත්‍යවරයාට සමීප වූ ඔහු පොල් සම්බන්ධ රජයේ ආයතනයේ අසවල් පුටුව තමාට ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම් හමුවේ අදාල අමාත්‍යවරයාද තම හිතවතා වූ මෙම පුද්ගලයාට අදාල තනතුර පිරිනමන ලදි.
අනතුරුව අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට මාන බැලූ මොහුට පිට පිට අලාභ ලැබූ සිය ව්‍යාපාරය ඔසවන්නට සිය තනතුර ආශිර්වාදයක් කරගන්නට මේ වන විට කටයුතු කරමින් සිටිනු ලබන බව පොල් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තය තුළ ප්‍රසිද්ධ රහසක් වී තිබේ.
ඒ අනුව තමාට ඇති බලතල යොදා ගනිමින් මේ පුද්ගලයා මේ වන විට සමූපකාරය සතුවූ ව්‍යාපාරයක්ද තම ව්‍යාපාර ගොන්නට එකතු කර ගැනීමට සමත්ව ඇත. එතැනින් නොනැවතුනු ඔහු විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන සදහා වන බලපත්‍රයක් ද ලබා ගෙන ඇත.
ඔහුගේ මෙම ක්‍රියාකලාපය නිසා අධික මිලකට පොල් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට මෙරට ජනතාවට සිදුව ඇත. එපමණක් ද නොව ඔහු විසින් පොල්ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයම බිද වැට්ටවීම සදහා ගනු ලබන තීරණ නිසා ආණ්ඩුවද අපහසුතාවයට පත් වී ඇතත් ජනාධිපතිවරයා වෙත මේ පැමිණිල්ල යොමු නොවන්නේ අදිසි හස්තයක ආශිර්වාදය නිසාවෙනි. කෙසේ හෝ පොල් කර්මාන්තයේ නියැලී සිටින සමස්ත ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම අදාල රජයේ ආයතනයේ නිළධාරින්ගේ ද මතය වී ඇත්තේ මොහුගේ අදූරදර්ශී තීරණ මත ,තව කිහිප මසක් තුළ මෙරට පොල් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයට කණ කොකා හඩනු ඇති බවයි.
(විශේෂ ලියුම්කරුවෙකු විසිනි)






