එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම ASTL GSTC සහතික කිරීම හිමිකර ගනී

එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම ASTLගෝලීය තිරසර සංචාරක කවුන්සිලය GSTC වෙතින් ජාත්‍යන්තර පිළිගැනීමට ලක් කෙරෙන සහතික කිරීම හිමි කරගෙන ඇත. එය, සමාගමේ තිරසර ගමන්මඟෙහි ඓතිහාසික කඩඉමක් කරා ගෙන ගිය මොහොතකි. තිරසර සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ලොව වඩාත්ම පරිපූර්ණ වූත් ගෞරවයට පාත්‍ර වූත් කාර්ය රාමුවක් සපයන GSTC එය ගොඩනඟා ඇත්තේ, තිරසර කළමනාකාරිත්වය, දේශීය ප්‍රජාවන් හට සමාජ-ආර්ථික ප්‍රතිලාභ, සංස්කෘතික උරුමයන් සුරැකීම සහ පාරිසරික වගකීම යන ප්‍රධාන සාධක සතර මත ය.

GSTC සහතිකය හිමිවීම ASTL සමාගම ලද කීර්තිමත් ජයග්‍රහණයකි. එය පහසුවෙන් ලබාගත හැකි සහතික කිරීමක් නොවේ. ඊට අදාළ ක්‍රියාවලිය ද ප්‍රබල ය. එහි දී, එම ක්‍රියාවලියට අදාළ සියල්ල සමාගමක් විසින් සර්ව-සම්පූර්ණ කළ යුතු වේ. සංචාරක ක්ෂේත්‍රයට පුළුල් අන්දමින් සම්බන්ධව සිටීම, සැපයුම් දාමයට අනුකූලව කටයුතු කිරීම, නිසි පාරිසරික පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කිරීම,

ලේඛනගත කිරීම් මනාව පවත්වාගෙන තිබීම සහ GSTC හි බලයලත් සමාගමක් වන ස්වාධීන තෙවන පාර්ශ්වයක් විසින් සමාගම් පරිශ්‍රය තුළම විගණන කටයුතු සිදු කිරීම ආදි වැදගත් හා දැඩි ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීම එහි දී අනිවාර්ය වේ. ASTLසමාගමේ ආයතනික ක්‍රමෝපායයන්, මෙහෙයුම් ක්‍රියාදාමයන් සහ තීරණ-ගැනීමේ කාර්යරාමු වෙතට තිරසර පිළිවෙත් පිළිබඳ අනුකූලතා එක්කිරීමට වඩා වැඩි විශාල වගකීම් රැසක් දැරීමට හා ඒ අනුව තම මෙහෙයුම් කටයුතු පවත්වා ගැනීමට ද සමාගම ක්‍රියා කළ යුතු වේ.

එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම තිරසර මූලධර්ම සක්‍රියව ක්‍රියාවට නංවා ඇති අයුරු හා ප්‍රතිපත්තිවලින් ඔබ්බට ගොස් අර්ථාන්විතව මෙහෙයුම් කටයුතුවල නියැළීම වෙනුවෙන් විශාල කැපවීමකින් කටයුතු කර ඇති අයුරු මෙම සහතික කිරීම මඟින් සනාථ වේ.

  • Related Posts

    විනිවිද පෙනෙන මූල්‍ය විනයක ආදර්ශය දෙන පීපල්ස් ඉන්ෂූවරන්ස්

    …

    කොළඹ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට Card පත්වලින් ගෙවීමේ පහසුකම එයි! රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට නව පියවරක්

    …

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු