මහින්ද්‍රා අයිඩියල් මෝටර්ස් EXCELLENCE AWARDS සම්මාන උලෙළ සාර්ථකයි

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ වාහන, අමතර කොටස් සහ අලෙවියන් පසු සේවා සපයන අයිඩියල් මෝටර්ස් සමාගමේ අලෙවි නියෝජිතයන් සහ අනිකුත් පාර්ශ්වකරුවන් ඇගයීමේ උත්සවයක් මහත් උත්කර්ශවත් අන්දමින් පසුගියදා පවත්වන ලදි.

වැලිසර පිහිටි Wave n’Lake Banquet Hall & Restaurant හි දී මහින්ද්‍රා අයිඩියල් මෝටර්ස් EXCELLENCE AWARDS සම්මාන උලෙළ පැවැති අතර ඒ සඳහා අයිඩියල් මෝටර්ස් සමාගමේ නිර්මාතෘ සහ සභාපති නලින් වෙල්ගම, කළමනාකාර අධ්‍යක්‍ෂිකා සහ ප්‍රධාන විධායක නිලධාරිනී ඩිලානි යටවක, නීති සහ ආයතනික කටයුතු අධ්‍යක්‍ෂිකා නිමිෂා වෙල්ගම, ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම්, ඔටෝ අංශයේ ප්‍රධානී සචින් අරොල්කා, ජාත්‍යන්තර මෙහෙයුම් සහ පාරිභෝගික සේවා ප්‍රධානී මෝටර් රථ අංශය, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සෙන්තිල් සෙල්වරාජු ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ දේශීය ප්‍රධානි සුජීත් ජයන්ත්, ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ දේශීය සේවා ප්‍රධානී ශිතම් කුන්දු යන විශේෂ ආරාධිත අමුත්තන් සහ අයිඩියල් මෝටර්ස් සමාගමේ වාණිජ වාහන අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරි කසුන් ප්‍රනාන්දු, අමතර කොටස් හා සැපයුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමීර බමුණුආරච්චි, අලෙවියෙන් පසු තාක්ෂණික මෙහෙයුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ප්‍රසන්න මනම්පේරි ඇතුළු නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

EXCELLENCE AWARDS සම්මාන උලෙළේ දී පළාත් මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් හොඳම අලෙවි නියෝජිතයන් ඇගයීමට ලක්කළ අතර සම්මාන, කුසලතා සහතික මෙන්ම මුදල් ත්‍යාග ද පිරිනැමුණි.

  • Related Posts

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    …

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    …

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු