ගැබ්ගෙල පිළිකාව (Cervical Cancer) කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා අතරින් 4 වන ස්ථානයට පත්ව තිබෙනවා.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ (National Cancer Control Programme) දත්තවලට අනුව, ලංකාව තුළ වසරකට සාමාන්‍යයෙන් නව රෝගීන් 1,200 ක් පමණ හඳුනාගනු ලබනවා.
නිසි වේලාවට ප්‍රතිකාර නොලැබීම නිසා වසරකට රෝගීන් 180 ක් පමණ මියයන අතර , මෙය කල්තියා හඳුනා ගැනීමෙන් 100% ක්ම වළක්වා ගත හැකි සහ සුව කළ හැකි පිළිකාවකි






