ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන් කර තිබූ, නමුදු සක්‍රීය රාජකාරී සඳහා යොදා නොගත් “නිසාන්” (Nissan) වර්ගයේ නවීන ගිලන් රථයක් මුලතිව් මහ රෝහලේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ. ❤️
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම ගිලන් රථය නිල වශයෙන් බාර දීම සිදු විය.
ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය සතුව තිබූ මෙම වාහනය මහජන සෞඛ්‍ය සේවාවේ ප්‍රයෝජනය සඳහා මෙලෙස මුදාහැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට එක් වූ සම්භාවනීය අමුත්තන්:
විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා – අතිරේක ලේකම් (සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය)
එච්.එම්.එන්. දිනිප්‍රිය හේරත් මහතා – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයුම්/Logistics)
මුදිත විමලසේන මහතා – අධ්‍යක්ෂ (ප්‍රවාහන)
ජනතා බදු මුදලින් නඩත්තු වන සම්පත්, නිසි කළමනාකරණයකින් යුතුව ජනතාවගේම සුබසිද්ධිය වෙනුවෙන් යෙදවීමට ගත් තවත් සාධනීය පියවරකි!






